Posts

ගොං කැකිරි (Mukia maderaspatana)

Image
ගොං කැකිරි (Mukia maderaspatana) [කුකර්බිටේසියේ පවුලේ සාමාජික ශාක හඳුනා ගැනීමේ දී විවිධ සංකීර්ණතාවලට මුහුණු දීමට උද්භිද විද්‍යාඥයින්ට මෙන්ම දේශීය වෛද්‍යවරුන්ට සිදුවේ. ඒ සමාන ලක්ෂණ ඇති ශාක පන්ති පන්ති සමීපස්ථ හැඩහුරුකමින් පෙනී සිටීම නිසා ශාකමය ඖෂධ නිෂ්පාදනය කරන්නන්ට අභියෝගාත්මක බවක් ඇති කරවීම නිසාය. ඒ නිසා අවසාන පියවර ලෙස සිදුවන්නේ විද්‍යාගාරවල තැන්පත් නිදර්ශක ඇසුරින් හඳුනා ගැනීමේ සංකීර්ණ පියවරට මුහුණ දීමට සිදුවීමයි. පොදුවේ ගත් කළ අද සමාජයේ ශාක නිවැරදිව හැඳින්වීමට සමත් පුද්ගල යින් සංඛ්‍යාව බෙහෙවින් කුඩා එකකි. මේ මුකියා මැඩරස්පටානා නමින් වර්ග වී ඇති වර්තමානයේ ගොං කැකිරි, ලේන කැකිරි, හීන් කැකිරි යන නම්වලින් හඳුන්වන ශාකය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් ලියැවෙන සටහනකි.] ෴ඉංග්‍රීසි බෙහෙත් (ඇලපති වෛද්‍ය විද්‍යාව) ලබා ගැනීමට යහමින් මුදල් වියදම් කිරීමට නොහැකි සමාජවල මෙම ශාකය තවමත් ඖෂධයක් ලෙසත් එළවළුවක් ලෙසත් භාවිත වේ. මෙම වැල් ශාකයේ ඵලය එළවළුවක් ලෙස ලබා ගැනීමට වගා කෙරෙන්නේ අර්ධ වගා බෝගයක් ලෙසිනි. එනම්, ඉබේට වාගේ වැවෙන ශාකයක ගෙඩි ලෙසිනි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, තායිවානය, ...

කිරි අඟුණ, තිත්ත අඟුණ, කුරිඤ්ඤං සහ කංකුඹල

Image
කිරි අඟුණ, තිත්ත අඟුණ, කුරිඤ්ඤං සහ කංකුඹල නිවැරදිව හඳුනාගමු 1. කිරි අඟුණ (Tylophora pauciflora) 2. තිත්ත අඟුණ (Wattakaka volubilis) 3. කුරිඤ්ඤං කොළ (Gymnema lactiferum) 4. කංකුඹල (Cynanchum tunicatum) කංකුඹල සහ කිරි අගුණ තරමක් වෙන්කර ගැනීමට අපහසු ශාක දෙකකි. ඇතැම් ප්‍රදේශවල කිරි අගුණ නමින් හඳුන්වා කෑමට ගන්නේද කංකුඹල ශාකයයි. විශේෂ දෙක අතර පෙනුමෙහි පවතින ප්‍රධාන වෙනස්කම් කීපයක් දැනගෙන සිටීම මෙම ශාක වෙන් කර හඳුනා ගැනීම පහසු කරයි. කිරි අගුණ කොළ වෘත්තාකාර හැඩයට සමීප වන අතර කංකුඹල කොළ ඩෙල්ටාකාර හැඩයක් ගනී. කිරි අඟුණවල කිරි නොපිහිටන අතර කංකුඹලවල කිරි ඇත. බොහෝ විට කංකුඹල පත්‍ර තලයෙහි නාරටි අසල ළා පැහැයක් ගනී. කංකුඹල ශාකයේ පැහැදිළි උපපත්‍ර ද දක්නට ලැබේ. Asclepiadaceae නම් එකම උද්භිද කුලයට අයත්වන මෙම ශාක විශේෂ 4 හි ඵලයන් බොහෝ දුරට සමාන ලක්ෂණ දරයි.