කිරි අඟුණ, තිත්ත අඟුණ, කුරිඤ්ඤං සහ කංකුඹල
කිරි අඟුණ, තිත්ත අඟුණ, කුරිඤ්ඤං සහ කංකුඹල නිවැරදිව හඳුනාගමු
1. කිරි අඟුණ (Tylophora pauciflora)
2. තිත්ත අඟුණ (Wattakaka volubilis)
3. කුරිඤ්ඤං කොළ (Gymnema lactiferum)
4. කංකුඹල (Cynanchum tunicatum)
කංකුඹල සහ කිරි අගුණ තරමක් වෙන්කර ගැනීමට අපහසු ශාක දෙකකි. ඇතැම් ප්රදේශවල කිරි අගුණ නමින් හඳුන්වා කෑමට ගන්නේද කංකුඹල ශාකයයි. විශේෂ දෙක අතර පෙනුමෙහි පවතින ප්රධාන වෙනස්කම් කීපයක් දැනගෙන සිටීම මෙම ශාක වෙන් කර හඳුනා ගැනීම පහසු කරයි. කිරි අගුණ කොළ වෘත්තාකාර හැඩයට සමීප වන අතර කංකුඹල කොළ ඩෙල්ටාකාර හැඩයක් ගනී. කිරි අඟුණවල කිරි නොපිහිටන අතර කංකුඹලවල කිරි ඇත. බොහෝ විට කංකුඹල පත්ර තලයෙහි නාරටි අසල ළා පැහැයක් ගනී. කංකුඹල ශාකයේ පැහැදිළි උපපත්ර ද දක්නට ලැබේ. Asclepiadaceae නම් එකම උද්භිද කුලයට අයත්වන මෙම ශාක විශේෂ 4 හි ඵලයන් බොහෝ දුරට සමාන ලක්ෂණ දරයි.

Comments
Post a Comment